රුව ගුණ වරුණ

නැත නෙතු මානේ — මගේ අදර ලඳේ
ඇත හිත මානේ — සුවඳ ඔබේ ළයේ
දුක ඇති මොහොතේ — සොයමි ඔබේ සුවේ
සැප ඇති මොහොතේ — නුඹය මගේ ලොවේ
මිහිරි බස් ඔබේ — කොවුල් හඬ වාගේ
උණුසුම ඔබේ — ළහිරු රෂ්මි වගේ
සිනිදු සම ඔබගේ — පිච්ච පෙති වාගේ
ඔබය ලොව මගේ — සැපකි නුඹ මගේ
Image source: http://s3.favim.com/orig/43/beach-girl-photography-sunset-water-Favim.com-363113.jpg