රාජ මාළිඟේ පරවියා වගේ ජිවිතේ ඔහේ ගෙවාගෙන යද්දී
දඟකාර හසපාන හැඩකාරියක් සේ මගේ ලගට ඇවිත්
අඹර පෑයූ සඳ් සේ මට ඔබය ලබැඳී පැමිණි නිසා
ඔබ ගාව මම ඉන්නෙමි යැයී සිතුවෙමි

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බැරි නිසයි
තරුද නිදන මහ රෑ, නිදමි මහද නිදි නැතුව ඉන්නේ
සැනසෙන් නැළවෙන්න සුදෝ රස කර ගී ගය ගයා ඉන්නේ
සිහින අහසේ වසන්තේ, තාරකා මල් දෙලිසෙනවා බලන්නයි

මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
අවසන් ලියුම ඔබට ලියන නිසා වෙන්න ඇති
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු ‍රැඳෙන්නේ
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌ නොලැබෙන නිසා වෙන්න ඇති

ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී පැහැදී
සුදු පරවි රෑන සේ පියාසලා, පාසල නිම වී යොවුන් කුමරියන් ආවත්
ඉවසිල්ලක් නැතුව දකින තුරා සිටියත්
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න කවුරුවත් නෑ


Image source: https://s0.hulkshare.com/song_images/original/1/0/e/10e80cd420210f7721af488f97828bd5.jpg?dd=1388552400

https://anuradhawick.com/